ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ විවාදයට දින නියමවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට ගැනීමට අද දින නියම කෙරින .

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනුනි .

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත .