නවතම පුවත්

ගම-රට හදා ලොව ජයගත් බානගල උපතිස්ස නාහිමි

banagala
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

73 වැනි ජන්ම දිනය අද

දකුණු සිරිලක දෙනියාය නම් වූ ප්‍රදේශයේ බානගල නම් වූ සුන්දර ගම්මානයක උපත ලද බානගල උපතිස්ස හිමියන් වයස අවුරුදු 12 තරම් කාලයේදී අනගාරික ධර්මපාලතුමාගේ ධර්ම ධුත සේවය වෙනුවෙන් ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාම විහාරස්ථානය අශ්‍රිතව ඉගෙනීමේ කටයුතු කළ අතර වයස අවුරුදු 17 තරම්වූ කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණ පැවිදි දිවියට පත්වුහ.

මේසේ පැවිදි දිවියට පත්වූ බානගල උපතිස්ස හිමියන් නැවතත් ඉන්දියාවට ගොස් සිටියදී මේ කාලයේදී ඉන්දියාවේ වන්දනාවක් සඳහා පැමිණි ජපානයේ තකිකෝ යොෂිඩා මැතිණියට සාංචි විහාරස්ථානයේදී බානගල උපතිස්ස හිමියන් හමුවූ අතර එම හමුවීමේ ප්‍රතිපලයක් ලෙසින් බානගල උපතිස්ස හිමියන්ට 1976 වසරේදී ජපානයේ අධ්‍යන කටයුතු සඳහා යාමට වරම් ලැබුණි.

ජපානයේදී වැඩිදුරටත් අධ්‍යන කටයුතු වල යෙදෙන කාලයේදී බානගල උපතිස්ස හිමියන්ට ජපානයේ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා යොෂිඩා මැතිණිය ඇතුළු ජපන් ජාතික ධානපතියන් උදව් උපකාර කළේය. ජපානය තුළ පළමු වරට ථෙරවාදි‍ බෞද්ධ පන්සලක් ඉදිකිරීමේ භාග්‍ය බානගල උපතිස්ස හිමියන්ට හිමිවිය. තමන් උපන් රටට හැකි දෙයක් කිරීමට පසුබට නොවූ බානගල උපතිස්ස හිමියන් 1979 වසරේදී කොළඹට නුදුරු සපුගස් කන්ද ප්‍රදේශයේ යොෂිඩා මැතිණියගේ නමින් ළදරු පෙර පාසලක් ආරම්භ කළේය. එදා මෙදා තුර බානගල උපතිස්ස හිමියන්ගේ මැදිහත් වීම තුළින් ශ්‍රී ලංකාව පුරාවට පෙර පාසල් 20ක් පමණ ආරම්භ කර තිබේ. මේ සියලු පෙර පාසල් සඳහා දායකත්වය ලබාදෙන්නේ ජපන් ජාතික ධානපතියන් වීම සුවිශේෂී ක්‍රියාදාමයකි.

1980 දසකයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ උදාගම් සංකල්පයට අතහිත දෙමින් එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස මැතිතුමා සමගින් එක්වී තමන් උපත ලද බානගල ගම්මානය උදාකළ ගම්මානයක් ලෙසින් සංවර්ධනය කිරීමට කටයුතු කළේය. මේ සඳහා යොෂිඩා මැතිණිය ඇතුළු පිරිස් බානගල හිමියන්ට උදව් කළේය. මිට අමතරව ජපානයේ නරිතසන් විහාරයේ මුල්‍ය ආධාර මත දොම්පේ ප්‍රදේශයේ සුරිමිගම සහ මහාබෝධි ගම්මාන ඉදිකෙරුණේ බානගල හිමියන් නිසාමය. ශ්‍රී ලංකාවේ ගීත කෝකිලවිය රුක්මණී දෙවි නමින් මීගමුවේ කලායතනයක් ඉදිකිරිමට ජපානයේ නරිතසන් විහාරාධිපති හිමියන් අත -හිත දුන්නේ බානගල හිමියන්ගේ ඉල්ලීම නිසාමය. දු -දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ගොඩනැගිලි මෙන්ම පාසල් වලට බස්රථ ලබාදීමද බානගල උපතිස්ස හිමියන් කරන ලද සේවාවන් ගෙන් සමහරකි. 1979 වසරේදී යොෂිඩා මැතිණියගේ නමින් ආරම්භ කළ ළදරු පෙර පාසල අද ජාත්‍යන්තර පාසලක් බවට් පත් කිරීමේ භාග්‍ය හිමිවන්නේ බානගල හිමියන්ටය.

දෙස් විදෙස් ධානපතියන්ගේ උදව් උපකාර මත බානගල උපතිස්ස හිමියන් තම උපන් බිමට පමණක් නොව විදෙස්හි කරන ලද සේවාවන් හේතුකොට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ළාබාලතම සභාපති වීමට පවා උපතිස්ස හිමියන්ට අවස්ථාව උදාවුහ. එතැන් පටන් ශ්‍රී ලංකා මහා බෝධි සංගමයට අයත් දෙස් විදෙස් සියලුම ස්ථාන වැඩි දියුණු කිරීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහි කිරීම වෙනුවෙන් පැරැළිය ප්‍රදේශයේ බ්‍රාමියන් බුදු පිලිමයක අනුරුවක් ඉදිකිරීමට පියවර ගත් බානගල උඅපතිස්ස හිමියන් නිවාස අහිමිවූ අය වෙනුවෙන් හිනිදුම ප්‍රදේශයේ නිවාස ගණනාවක්ම ඉදිකර දුන්නේ විදෙස් ධානපතියන්ගේ උදව් තුළිණි.

බානගල හිමියන්ගේ මෙම සත්කාර්යන් වල ප්‍රතිපලයක් ලෙසින් දෙස් විදෙස් රාජ්‍ය නායකයින් බානගල හිමියන් සමගින් බොහොමත් කිට්ටු සමිපතාවන් ඇතිකර ගත්තේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරයේදීම කොළඹ මරදානේ පිහිටි මහාබෝධි විහාරස්ථානයට පැමිණියේ බානගල උපතිස්ස හිමියන් සමග තිබු දැඩි ලෙන්ගතු කම නිසාමය. මහාබෝධි විහාරයට පැමිණ අවස්ථාවේ එම අවස්ථාවට වැඩමකර සිටි පුජ්‍ය මාදුළුවාවේ සෝභිතහිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතළු මහා සංඝරත්නයට දහවල් දානය පිරිනැමීම මොදී මහතාගේ පළමු කාර්ය විය.

වතිකානුවේදී අති උතුම් පාප් වහන්සේ හමුවීමත් පාප වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ප්‍රථම වතාවට කොළඹ මහාබෝධි විහාරස්ථානයට පැමිණීමත් බානගල උපතිස්ස හිමියන් ලද සුවිශේෂ ගෞරවයකි. සිංහල -ඉංග්‍රීසි -හින්දි භාෂා මෙන්ම ජපන් භාෂාවද චතුර ලෙස කතා කළ හැකියාවක් බානගල උපතිස්ස හිමියන් සතුව තිබීම ජාත්‍යන්තර සබඳතා ගොඩ නගාගැනීමට ශක්තියක් විය.

අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමරු මුද්දර දෙකක් නිකුත් කිරීම සිදුවුයේ බානගල හිමියන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති වූ නිසාමය. වසර 50කට වැඩි කාලයක් දෙස් විදෙස් සම්බන්දතා මත තම රට දැය වෙනුවෙන් අසීමිත සේවාවන් රැසක් ඉටුකිරීම නිසාම ජාත්‍යන්තරය ජය ගැනීමට බානගල උපතිස්ස හිමියන්ට හැකිවිය. ජපානයේ ලංකා -ජි විහාරය බානගල හිමියන් නිසාම ඉදිවූවකි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට අද ලංකා -ජි විහාරය මහගු සම්පතකි.

ශ්‍රී ලංකාවෙ දී මෙන්ම ජපානය, ඉන්දියාව මෙන්ම තව බොහෝ රටවල මහත් ගරුත්වයකට පත්වී සිටින බානගල උපතිස්ස හිමියන්ගේ 73 වේනි ජන්ම දිනය අදට (5) යෙදී තිබේ. තම උපන් රටට මහත්වූ සේවාවන් රැසක් ඉටුකර ඇති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ වත්මන් ගරු සභාපති, සපුගස්කන්ද යෝෂිඩා පදනමේ විධායක අධ්‍යක්ෂ,ජපානයේ ප්‍රධාන සංගනායක පුජ්‍ය බානගල උපතිස්ස හිමියනට තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රර්ථනා කරමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්