නවතම පුවත්

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ගේ ප්‍රතිකාර සදහා රජයේ රෝහල් වල විශේෂ වැඩපිලිවෙලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කර සිටියි.

ඒ හේතුවන් ගර්භණී මව්වරුන්ට යම් අපහසුතාවයක් ඇත්නම් වහාම රජයේ රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, යෝනි මාර්ගයෙන් අධික රුධිරය හෝ ශ්‍රාවයන් වහනය වීම, බබා දැඟලීම අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන් වීම, වලිප්පුව, අධික උදර වේදනාව, සිරුර ඉදිමීම, අධික හිසරදය හෝ අනෙකුත් ඕනෑම අවදානම් ලක්ෂයක් පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත පැමිණෙන ලෙස එම කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටින අතර එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු අතර, කිසිදු කරුණක් නිසා ප්‍රමාද නොකළ යුතු බව ද අවධාරණය කරයි.

රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලුම රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී ඇතැයි ද එම කාර්යංශය සඳහන් කර සිටින අත​ර ගර්භණී සටහන්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.

සෑම අවස්ථාවකදීම හෝ ගැටලුවක දී, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 හදිසි දුරකථන අංශය ඇමතිය හැකිය.

ඕනෑම රෝගී අවස්ථාවක දී 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබාගත හැකි බව ද එම කාර්යාංශය නිවේදනය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්