ගර්භනී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බදාදා සිට ආරම්භවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා (09) සිට ආරම්භ කෙරේ .
මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය
මෙරට තුල පැතිර යන නව කොවිඩ්බ ප්ව‍රභේදයේ ප්‍රබලත්වය පිළිබඳව සලකා මෙසේ කඩිනමින් මෙම වැඩසටහන ආරම්භ කරන බවද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය

දිවයින පුරා මේ වන විට ගර්භණී මවුවරුන් 275,000සක් පමණ සිටින බවට වාර්තා වන බවත් ප්‍රදීප් ද සිල්වා මහතා මෙහිදී පැවසු අතර ඒ අනුව අවදානම් සහිත මවුවරුන්ට නිර්ණායක කීපයක් යටතේ කොරා්නා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය