ගව මස් කෑමෙන් එන පිළිකා නිසා වසරකට ලෝ පුරා 85000ක් මරුට

Picture of අසංක

අසංක

ගව මාංශ ආහාරයට ගැනීමෙන් හටගත් පිළිකා හේතුවෙන් වසරකට ලොවපුරා පුද්ගලයින් 85,000ක පමණ පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ආනාවරණය කර ඇත
එම සංවිධානය නිකුත් කල පර්යේෂණ වර්තාවක මේ බව සඳහන්ව ඇත.

හරක් මස් වැනි “රතු මාංශ” වර්ග ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩි වශයෙන් ඇති විය හැකි බවත් පිළිකා වර්ධනය වීමේ හැකියාව 18%කින් ඉහළ යන බවත් මෙම වාර්තාව මගින් පෙන්වාදී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්ටනැෂනල් ඒජන්සි ෆෝ රීසච් ඔන් කැන්සර් (IARC – International Agency for Research on Cancer) නමැති ආයතනය සමග එක්ව මෙම වාර්තාව සකස් කර ඇත