ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ සිද්ධීන් සොයා බැලීම සඳහා එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බව එම දෙපාර්තමේතුව දැනටමත් නිවේදනය කර ඇත.
මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයේ දැක්වේ.