සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව ද අද (6) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළංඇති වියහැකි අතර උතුරු-මැද පළාතේත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වාවන තරමක් තද සුළං ද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.