පැතුම් වික්‍රමරත්න
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පැවැසීය.
මේ ප්‍රවෘත්තිය දැන ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවූ බවත් විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද චන්න ජයසුමන මහතා කීය.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ දී ය.