නවතම පුවත්

“රජය කිසිසේත් කාබනික පොහොර ගෙන්වන්නේ නෑ” -කෘෂි ඇමති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ කිසිසේත්ම  කටයුතු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය .

නයිට්‍රජන් අවශ්‍යතාවක් මතුවුවහොත් එම දියරය පමණක් ආනයනය කිරීම ගැන සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කර තිබෙන බවද  අමාත්‍යවරයා  මෙහිදී සඳහන් කළේය

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය ,

”මේ වෙද්දී අපේ රටට අවශ්‍ය රසායනික පොහොර භාවිතය ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1.2ක් ලෙස. ඒ කියන්නේ වසර හතරකින් අපේ රටේ රසායනික පොහොර භාවිතය 300%කින් වැඩි වෙලා තිබෙනවා. මේක ඉතම අවදානම් තත්ත්වයක්. මෙච්චර රසායනික පොහොර දාලත් රටේ නිෂ්පාදනය කිසිදු වැඩිවීමක් සිදුවෙලා නැහැ. මොනම හේතුවකටවත් කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවක් සිදුවුනොත් ලික්විඩ් එක පමණක් ආනයනය කරන්න. යම්කිසි විදිහකින් ආනයන කිරීමක් අවශ්‍ය නම් ඒ ගැන සොයා බැලීමට අපි විද්වත් කමිටුවක් පත්කළා. මේ වැඩපිළිවෙල බොහෝ වේලාවට විවේචනවලට ලක්වෙනවා. අපේ ගොවියාගේ වකුගඩුව රැක ගැනීම අපේ යුතුකමක්. අනික පියයුරු පිළිකා, ලියුකේමියා,දියවැඩියාව. ඒ නිසා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේක දේශපාලනීකරණය කරන්න එපා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න ඉඩදෙන්නේ නැහැ. මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. සැලසුම්කරල ගත් තීරණයක්. අපේ සෞභාග්‍යයේ දැක්මේ පවා තිබුණ දෙයක්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්