ගාල්ල කොටුව ඇතුළේ සැකකරුවන් රැක්ක එජාප මන්ත්‍රී ගැන පැමිණිල්ල යටගසයි – නා.හ. නිලධාරින්ට තර්ජන

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ගාල්ල කොටුව තුළ පදිංචිව සිටින එජාප මන්ත්‍රීවරයකුගේ නිවස තුළ සැකකටයුතු සිදුවීමක් වී තිබේ.

නාවික හමුදා නිලධාරීන් ගාල්ල කොටුව තුළ නිවාස හා ගොඩනැගිලි ඊයේ පරීක්ෂාවකට ලක්කරමින් සිට ඇත.

එහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට සැකසහිත ලෙස පුද්ගලයන් දෙදෙනකු සක්මන් කරමින් සිටින බැවින් නාවික හමුදා නිලධාරීන් ඔවුන් පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවන් දෙදෙනා මන්ත්‍රීවරයාගේ නිවස තුළට දුවගොස් තිබේ.

එවිට නාවික හමුදා නිලධාරියකු සැකකරුවන් පසුපසින් මන්ත්‍රීවරයාගේ නිවස තුළටම ගොස් ඇති අතර මන්ත්‍රීවරයා නාවික හමුදා නිලධාරියාට පහර දී ඇත.

මේ අතරතුර සෙසු නාවික හමුදා නිලධාරීන් ද මන්ත්‍රීවරයාගේ නිවසට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා ආවේගශීලී ලෙස නාවික හමුදා නිලධාරීන් ගර්හාවට ලක් කර නිවසින් පිටතට යන ලෙස තර්ජනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට දන්වා පසුව පොලීසිය විසින් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇත්තේ විමර්ශන සදහායි.

එලෙස ගිය විට පොලීසියට පෙනී ගොස් ඇත්තේ සැකකරුවන් දෙදෙනා මන්ත්‍රීවරයාගේ නිවසේ පසුපස ජනේලයකින් පැනගොස් තිබූ ආකාරයයි.

මේ පිළිබද විමර්ශනයක් සිදුකිරීමට සූදානම් වනවිට දකුණු පළාතේ ඉහළ නාවික හමුදා නිලධාරියකු විසින් මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක්වූ නාවික නිලධාරියාට බලපෑම් කර ඇත්තේ මන්ත්‍රීවරයා පිළිබද කිසිදු පැමිණිල්ලක් නොකරන ලෙසයි.

එම නාවික හමුදා ඉහළ නිලධාරියා මන්ත්‍රීවරයාගේ දිගුකාලීන හිතවතකු බව හෙළිවී තිබේ.

මේ හේතුවෙන් විමර්ශනයේ යෙදෙන නාවික හමුදා නිලධාරීන් ඉතා කළකිරීමට ලක්වී සිටින බව ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය විය.