ගාල්ල-මාතර පාසල් හෙටත් වැසේ – දිස්ත්‍රික් 2කට නායයාම් රතු නිවේදනයක්

landslide-warning
Picture of අසංක

අසංක

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, මතුගම, අගලවත්ත ප්‍රදේශවල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් යළි නාය යාම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල කඳු බෑවුම් පස් කණ්ඩි විශාල ගල් අසල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද දැනුම් දී තිබේ.