නවතම පුවත්

ගාලු සාහිත්‍ය උළෙල උත්කර්ෂවත්ව පැවැත්වීමට සැලසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබේ.

සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්