නවතම පුවත්

ගාසා තීරයේ සටන් විරාම යෝජනාවට ඇමෙරිකාව එරෙහිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයට සටන් විරාමයක් ගෙන ආ යුතු බව අරාබි රටවල් දැඩිව පවසා සිටිනවා. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අරාබි රටවල් කිහිපයකම නියෝජිතයින් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලේබනනයේ , කටාරයේ සහ ජෝර්දානයේ නායකයින් හමුවී ගාසා තීරයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී එම රටවල නායකයින් දැඩි ලෙස පවසා ඇත්තේ ගාසා තීරයේ සිටින පලස්තීන ජනතාව මිය යාම වැළැක්විම සඳහා ඉක්මනින් සටන් විරාමයක් ගෙන ආ යුතු බවයි.


එහෙත් අමෙරිකාව ඊට එකවරම එකඟත්වය පළ කිරීමට අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස සටන් විරාමයකට එළඹිම සම්බන්ධයෙන් අමෙරිකාව දෙගිඩියාවෙන් පසු වනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා ඇත්තේ ඊශ්‍රායලය මේ මොහොතේ සටන් විරාමයකට එළඹුන හොත් එය හමාස් සංවිධානයට වාසි සහගත විය හැකි බවයි.

ඔවුන් ඒ ඔස්සේ යළි කණ්ඩායම් වශයෙන් එක් වී තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නා.

එහෙත් ගැටුම් හමුවේ ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන්ට සිදුවන හානි වළක්වා ගැනිම සඳහා ඊශ්‍රායලය උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් තාවකාලික සටන් විරාමයකට එළඹිම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්්‍යාහුද ප්‍රතික්ෂේප කළා. ඔහු පවසන්නේ හමාස් සටන්කාමීන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා හරින තෙක් කිසිදු සටන් විරාමයක් නොමැති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්