නවතම පුවත්

ගැලවුණු කිරුළ අද යළි පුෂ්පිකාට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* රෝසි කම්පා වෙයි
* ජූරිගේ කිරුළට වෙන දේ?
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ශවත් ලෙස පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනූ  පුෂ්පිකා ද සිල්වාගෙන් වේදිකාව මත දී කිරුළ ගලවා දෙවැනියා වෙත කිරුළ පැළදූ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි විසින් කළ ක්‍රියාව ලොව පළමු විවාහක රූ රැජිණ වන, රෝසි සේනානායක මහත්මිය විසින් කනගාටුව පළකර තිබේ.
ගැටලුවක් ඇත්නම් එය විසඳිය යුතුව තිබුණේ වේදිකාවෙදි නොව වේදිකාවෙන් පිටත බව සේනානායක මහත්මිය කියා සිටියාය.
ලෝක රූ රැජිණ ලෙස කැරොලයින් ජූරි මහත්මියගේ හැසිරීම ගැන තමන් කම්පාවට පත්වූ බව ඇය කීය.
එය පිළිකුල් සහගත බවත් ජූරිගේ හැසිරීම සදාචාර විරෝධී බවත් කිසිසේත් පිළිගත නොහැකි බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කීවාය.
 නෙළුම් පොකුණ  රඟහලේ පෙරේදා (04) රාත්‍රි  පැවති අවසන් මහා තරඟයට ආරාධිත අමුත්තියක ලෙස රෝසි  සේනානායක මහමහත්මිය ද සහභාගි වූවාය.
මුල් ජයග්‍රාහකයා වූ පුෂ්පිකා ද සිල්වාට සුබ පතන්නට ඇය වේදිකාවට පැමිණ සිටියද මෙම සිද්ධිය සිදුවීමට පෙර ඇය පිටව ගියාය.
“අපි කාන්තාවන්ට සහයෝගය දැක්විය යුතුයි. අපට කාන්තාවන්ට සහයෝගය දැක්විය නොහැකි නම් අපි කට වසාගෙන සිටිය යුතුයි. ”සේනානායක මහත්මිය  පැවසුවාය.
“මට තේරෙන්නේ නැහැ මේක කොහෙන්ද ආවේ කියලා.”
ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස ඇය   ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව අයැද සිටියාය.
දික්කසාද වීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මෙම ජයග්‍රහණයට සුදුසු නැතැයි පවසමින් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් විසින් කිරුළ ගලවා තිබුණි.
සිද්ධියෙන් පසු පුෂ්පිකා ද සිල්වා පොලීසියට පැමිණිල්ලක් කර කිරුළ කැරොලයින් ජූරි විසින් ගලවාගැනීමේදී හිස්කබලට තුවාල වූ බව පවසා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ පවසන්නේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවට වන ප්‍රකාශයන්ට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
 පුෂ්පිකා ද සිල්වාගේ ස්වාමිපුරුෂයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා වසර 4ක සිට වෙන්වී සිටින බවත් දික්කසාද නඩුව ඇත්තේ අවසන් අදියරේ බවත් ය.
පුෂ්පිකා ද සිල්වා යළිත් ජයග්‍රාහකයා බවට පත් කර ඇති බව ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ පැවසූ  අතර හෙට කොළඹ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔටුන්න නිල වශයෙන් ඇයට ලබා දෙනු ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්