නවතම පුවත්

ගැහැණු කළල ගබ්සා කරන ‘රතු කලාපයක්’ ඉන්දියාවේ

අසංක

අසංක

ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ ගම්මාන 132ක් තුළ මාස ගණනාවකින් එකම ස්ත්‍රී දරු උපතක්වත් සිදුවී නැති බව රජය විසින් කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙයට ප්‍රධානතම හේතුව උපදින දරුවන්ගේ ස්ත්‍රී පුරුෂභාවය කල්තියා දැනගෙන වහාම ස්ත්‍රී දරුවන් ගබ්සා කිරීම බව සොයාගෙන ඇත.

උත්තර්කාන්ද් ප්‍රාන්තයේ ගම්මාන 500ක් ඇසුරෙන් කළ මෙම සමීක්ෂණයේ දත්තයන් ඉන්දියානු සමාජය කම්පනයට පත් කරන්නක් බව සමීක්ෂකයින්ගේ අදහසයි.

ගම්මාන 500 තුළ දරු උපත් 947 සිදුව තිබුණි.

ඉන් දරු උපත් 200කම පෙර කී ගම්මාන 132 තුළ සිදුව ඇත.

නමුත් එම දරු උපත් 200 තුළ එකම ස්ත්‍රී දරු උපතක්වත් සිදුව තිබුණේ නැත.

ඇතැම්විට ඉපදුණු දරුවන්ද මරාදමන්නට ඇතැයි යන සැකය මේ වනවිත මතු වී ඇති හෙයින් එම ගම්මාන ත්‍රිත්වය කාන්තා ගැබ් නැසීමේ ” රතු කලාපයක්” නැතිනම් “red zone” ලෙස නම් කිරීමට දිස්ත්‍රික් පරිපාලනය කටයුතු යොදා ඇත.

මේ වනවිට එම ප්‍රදේශවලට විශේෂ අපරාධ පරීක්ෂක කණ්ඩායමක් යොමු කර තිබෙන අතර ඉදිරියේදී සියලු සත්‍යයන් හෙළිදරව් වනු ඇති බව ප්‍රාදේශීය පාලනය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත.

අවසන් වරට 2011 වසරේදී ඉන්දියාවේ සිදුවූ ජන සංගණනයේදී වාර්තා වූයේ සෑම පිරිමි දරු උපත් 1000කටම ස්ත්‍රී දරු උපත් 943ක් සිදුවන බවයි.

එම වසරේ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවී තිබුණේ ඉන්දියාව පුරා මිලියන 12ක් පමණ ගැහැණු කළල ගබ්සා කර ඇති බව ය.

2015 වසරේ දී එරට කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරයා හෙළිකළේ ඉන්දියාවේ සෑම දිනකම ගැහැණුන් 2000ක් මරුමුවට පත්වන බවයි.

උපන් සැණින් කොට්ටයකින් අලුත උපන් බිළිඳාගෙ මුහුණ තදින් වසා මරාදමන බවට ද හෙළිව ඇත.

කෙසේවෙතත් ස්ත්‍රී උපත් අවාසනාවක් ලෙස සලකන මිත්‍යා ඇදහිළි බහුල ඉන්දියාව පුරා මේ ආකාරයේ සිදුවීම් තවත් දහස් ගණනින් සිදුවනු ඇති බවද සමාජ විශ්ලේෂකයන්ගේ අදහසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්