නවතම පුවත්

ගෑස් කාන්දුවක් හඳුනාගන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් සිලින්ඩරයකින්  යම් ගෑස් කාන්දුවක් සිදුවනවිට , එය  මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සිදුවිය හැකි එවැනි බරපතළ අනතුරු වළක්වා ගැනීමට හැකියාව පවතී.

ඒ අනුව, ගෑස් කාන්දුවක් සිදුවන්නේ දැයි හඳුනාගැනීම සඳහා දේශීය වශයෙන් නිපදවූ උපකරණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ..

ගෑස් කාන්දුවීම් කල්තියා හඳුනාගත හැකි උපකරණ ලොව වෙනත් රටවල සාමාන්‍යයෙන් භාවිත වුණත් මෙරට ජනතාවට තවමත් එවැනි උපකරණ එතරම් සමීප නොමැත.

ලයිෆ් ලෙස නම්කර ඇති මෙම උපකරණය මෙරටදී නිපදවා ඇති ගෑස් කාන්දු හඳුනාගැනීමේ පළමු උපකරණයයි.

එපික් සමූහ ව්‍යාපාරය මගින් එය හඳුන්වා දී ඇත . එහි  පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ ව්‍යාපෘති භාර ප්‍රධාන ඉංජිනේරු චානක තෙන්නකෝන් මහතා,මේ ගැන මෙසේ පැවසීය .

“ගෑස් කාන්දු හඳුනාගැනීමේ උපකරණයක් වුණාට මේක ගිනිගන්නා සුළු ඕනෑම දේකට ක්‍රියාත්මක වෙනවා. මේක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කළ හැකියි. ඒ නිසා අනතුරක් තිබුණොත් ජංගම දුරකථනයට ඇලට් එකක් එනවා. ගෑස්, උෂ්ණත්වය සහ දුම කියන කාරණා 3ටම සංවේදියි.”

“මේක ලංකාව තුළ හැදුවා කියලා සමහර අය විශ්වාස කරන්නෙත් නෑ. ලංකාවේ මොළ එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්