නවතම පුවත්

ගෑස් නියාමනයට සූදානම් ප්‍රමිතියත් සාදා අවසන් බලගන්වන බලය දෙන්න -PUCSL කියයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගෑස් නියාමනයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සුදානම් යැයි සභාපති ජනක රත්නායක මහතා කියයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ වන විටත් එල්පී ගෑස් සදහා ප්‍රමිති සකස් කර ඇති බව එහි සභාපතිවරයා කීය. එහෙත් එම ප්‍රමිති බලාත්මක කිරීම සදහා කොමිෂන් සභාව වෙත නීතිමය බලතල නොමැති බවද පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධීක්ෂණය ඇතිව සකස් කල එල්පී ගෑස් ප්‍රමිති වහා ක්‍රියාවට නැගීමෙන් කඩිනමින් එල්පී ගෑස් පාරිභෝගික ආරක්ෂාව තහවූරු කල හැකි ය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පටිපාටි අනුව එල්පී ගෑස් ප්‍රමිති කෙටුම්පත් කර ඇති අතර මහජන උපදේශනයකින් ද පසුව මේ වන විට අවසන් කෙටුම් පත සකස් කර තිබේ.

ගෑස් සිලින්ඩරවල උපරිම පීඩනය, ප්‍රොපේන් සහ බියුටෙන් සංයුතියේ ප්‍රශස්ත අනුපාත ආදි එල්පී ගෑස් සිලින්ඩර භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාවට අදාල සියලුම කොන්දේසි නව ප්‍රමිති වලට ඇතුළත් බව එම කොමිෂන් සභාව කියයි. මීට අමතරව සිලින්ඩරවල තත්වය සහතික කල දිනය පවා එහි සදහන්කල යුතු බව යාවත් කාලීන ප්‍රමිතිවල සදහන් වේ.

යාවත්කාලීන කල එල් පී ගෑස් ප්‍රමිති සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“එල්පී ගෑස්වලට අදාලව පැරණි ප්‍රමිතියක් තිබුණා. එය පවා තවමත් නීත්‍යානුකුල නැහැ. ඒ්කට හේතුව එල්පී ගෑස් නියාමනය සදහා නියාමන බලතල සහිත ආයතනයක් නොමැතිකම. එල්පී ගෑස් ඇතුළු ඛණිජතෙල් කර්මාන්තය නියාමනය සදහා 2002 දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර තිබෙනවා. එහෙත් අද දක්වා කොමිෂන් සභාවට නීත්‍යානුකූල ව මේ ක්ෂේත්‍රය නියාමනය සදහා නීතිමය බලතල ලබාදී නැහැ.

කෙසේ වෙතත් 2019 දී අපි ආරම්භ කලා ඛණිජ තෙල් නිෂ්පාදන සදහා ප්‍රමිති කෙටුම්පත් කිරීම. මේ වන විටත් එල් පී ගෑස් සදහා පමණක් නෙවෙයි පෙට්‍රල් ඩීසල් ආදී නිෂ්පාදන සදහා ද ශ්‍රී ලංකා ප්‍රමිති සකස් කර අවසන්. මේ නිෂ්පාදන භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මේ ප්‍රමිති බලාත්මක කල යුතු යි. මේවා බලාත්මක කිරීම සදහා නියාමන බලතල සහිත ආයතනයක් අවශ්‍යයි”

1998 පෙර ප්‍රමිතිය (SLS 712) වාණිජ ප්‍රොපේන්, වාණිජ බියුටේන්, ප්‍රොපේන් සහ බියුටේන් මිශ්‍රණය සහ විශේෂ රාජකාරි ප්‍රොපේන් භාවිතය සඳහා පිරිවිතරයක් සපයයි. කෙසේ වෙතත්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා ප්‍රොපේන් සහ බියුටේන් කිසිදු අනුපාතයක් එහි අනිවාර්‍යය කර නැත.

පාරිභෝගික ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම සදහා ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කර ගෑස් වෙළදපොල නියාමන බලතල ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාවට පැවරිය හැකි බවද ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා වූ පනත නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අනුමත කර ඇත්තේ 2012 වසරේදීය.

ඒ සදහා මෙතෙක් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැති අතර 20 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන් අනතුරුව එම පනත් කෙටුම්පත 20 වන සංශෝධනයට අනුකූල දැයි යන්න නීතිපතිවරයා විසින් නැවත සහතික කල යුතු ය.

ඉන් අනතුරුව යෝජිත සංශෝධිත පනත් කෙටුම්පත සදහා පාර්ලිමේන්තුවේ සම්මත කලහොත් ගෑස් නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරෙනු ඇත.

ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගික ආරක්ෂාව සදහා අයිතිවාසිකම් ප්‍රකාශනයක් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එසේම මෙතෙක් අඩුපාඩුවක්ව පැවතී ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ පැමිණිලි විසදීම සදහා යාන්ත්‍රණයක් ද පෙරේදා (01) සිට ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්