ප්රබෝධා හෙට්ටිආරච්චි
ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර පිළිබඳ ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් ජනතාවට දැනුම්දීමක් කර තිබේ.
එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ ‘පළමුව ආරක්ෂාව’ යටතේ එම පියවර ගතයුතු බවය.
ඉන් පෙන්වා දෙන්නේ ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට ඒ බව දැනුම්දෙන ලෙසය.
එම කමිටුවේ දුරකථන අංක වන 0115 811 927 හෝ 0115 811 929 වෙත අමතා ගෑස් අනතුරු පිළිබඳ දැනුම් දෙන ලෙස කමිටුව ඉල්ලා සිටී.
සිදුවන අනතුරු අවම කිරීමේ ක්ෂණික පියවරක් ලෙස ඔබගේ ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප්රමිතියකින් හා ගෑස් ලිප නිසි ක්රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දී තිබේ.