ගෑස් බෙදාහැරීම හෙට සිට සාමාන්‍ය පරිදි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසයි.

තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.