ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා.”
මීට පෙර ද අවස්ථා කිහිපයකදී හෙතෙම මේ බව සඳහන් කර තිබුණේ තවත් භාණ්ඩ කිහිපයක මිිල වැඩි වන බව ද පවසමිනි.