නවතම පුවත්

ගිනිගත් ඩයමන්ඩ් තෙල් නැවෙන් පිරිස බේරාගත් මෙහෙයුම

අසංක

අසංක

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාව ගිනිගැනීම හේතුවෙන් එහි කාර්‍ය මණ්ඩලයේ කපිතාන් ඇතුළු 3 දෙනෙක් බේරාගැනීමට මෙරට නාවික හමුදාව සමත් විය.

මෙහිදී නාවික හමුදාවට අයත් රණරිසි නෞකාව, ආපදාවට පත් නෞකාව වෙත ළඟාවී නාවික හමුදා මුදවා ගැනීමේ කණ්ඩායම් එම නෞකාව වෙත ගොඩබස්වා අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පිලිපීන ජාතිකයෙකු වන එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා නෞකාවෙන් මුදවා ගැනිණි.

අනතුරුව කඩිනමින් ඔහු ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කල්මුණේ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

නෞකාව ආපදාවට පත්වන අවස්ථාවේ ඒ අසල යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක් වන එම්වී හෙලන් එම් නෞකාව ආපදාවට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ ග්‍රීක ජාතිකයින් 03ක් සහ පිලිපීන ජාතිකයින් 16ක් බේරා ගැනීමට සමත් වී ඇත.

එම බේරාගත් පිරිස නාවික හමුදාව මගින් ආරක්‍ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

තවද, ආපදාවට පත් නෞකාවේ කපිතාන් සහ තවත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු නාවික හමුදා සයුර නෞකාව මගින් ආරක්‍ෂිතව මුදවාගෙන ඇත.

ආපදාවට පත් නෞකාවේ එක් පිලිපීන් ජාතික නාවිකයෙකු අනතුරෙන් පසුව සොයා ගැනීමට හැකිවී නොමැත.

නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කරන ලදි.

කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත මෙම ආපදා සංඥාවට ලැබී තිබිණ.

මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය ග්‍රීක ජාතිකයන් 05ක් හා පිලිපීන ජාතිකයන් 18ක් ඇතුළුව 23ගෙන් සමන්විත විය.

පැනමා ධජය යටතේ මෙම නෞකාව IMO-9191424 ලෙසින් ලියාපදිංචි වී ඇත.

මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික්ටෝන් 2,70,000ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස ආපදාවට පත්ව ඇත.

එම නෞකාවේ භාවිතය සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක ප්‍රමාණයක්ද නෞකාවේ ගබඩා කර ඇති බව වාර්තාවී ඇත.

ආපදාවට පත් නෞකාව වෙත සහය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් දෙකක්ද (02) හම්බන්තොට වරායෙන් මෙම ආපදාවට පත් නෞකාවට සහය වීම සඳහා පැමිණ තිබුණි.

තවද, පසුගියදා සැපයුම් අවශ්‍යතාවයන් සඳහා හම්බන්තොට වරාය වෙත පැමිණි රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකාවන් දෙකක් ද මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාවට සහය දීම වෙනුවෙන් හම්බන්තොට වරායෙන් පිටත්ව්වවතිබුණි.

ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් “සෞර්යා” නෞකාව එම ස්ථානයට ළඟාවී ගින්න නිවීම ආරම්භ කර තිබුණි.

ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් 3ක් ද සහන සැලසීම හා ආපදා කළමණාකරනය සඳහා මෙම ස්ථානයට ළඟා විය.

කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව මෙලෙස මුදවාගත් ආපදාවට පත් නෞකා කාර්යමණ්ඩලයේ පිරිස් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට සහ හුදෙකලා කිරීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

තවද, මෙම ආපදා තත්වය හේතුවෙන් සිදුවිය හැකි තෙල් කාන්දුවීමේ අවධානම අවම කිරීම සහ කළමණාකරනය කිරීම සඳහා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ඇතුළු පාර්ශවකරුවන් අවශ්‍ය පියවර ගෙන ඇත.

අන්තර් ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යාන්තර බැඳීම් අනුව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇත.

මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුල ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වමින් එම නෞකා සහ යාත්‍රාවන් වෙත අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කර ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්