නවතම පුවත්

ගිනිගත් නැව මුහුදුබත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙරට මුහුදු කලාපයට සිදුවූ බරපතළම ව්‍යසනය සිදුකළ කොළඹ වරායට නුදුරින් මුහුදේ ගිනිගත් MV X-Press Pearl  නෞකාව ඊයේ (2) ගැඹුරු මුහුදට ඇදගෙන යාමට නියමිතව තිබියදී නැව මුහුදුබත් විය.

නැවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නැව් පිටුපස කොටසෙහි ස්ථායීතාවය ගිලිහී යාම නිසා හදිසි තතත්වයක් මතුවූ බවට ශ්‍රි ලංකා සමුද්‍ර දූෂන මර්දන අධිකාරිය නිවේදනය කර තිබුණි.

එහි තෙල් මෙට්‍රික් ටොන් 300ක් පමණ තිබෙන බවත් කාන්දුවක් වුවහොත් එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරේ.

ධීවර දෙපාර්තමේන්තුව විසින් මීගමුව කලපුවේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබේ.

ධීවර කටයුතු සඳහා මීගමුව කලපුව හරහා යාත්‍රා කිරීම ද තහනම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහලුම් අතර සිහින් ප්ලාස්ටික් කැට ඇතුළු පොලිතින් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ටොන් දහසකට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇති බව අනාවරණය වී ඇතැයි වාර්තා විය.

ප්ලාස්ටික්, පොලිතීන් සහ පිවීසී නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය බහලුම් 87ක ඒවා ගබඩා කර තිබී ඇති අතර පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනයේදි යොදා ගැනෙන අඩු ඝනත්ව පොලිතීන් (LDPE) සහ වැඩි ඝනත්ව පොලිතීන් කැට (HDPE) කිලෝ 25 බැගින් වන මලු අවම වශයෙන් 25000ක් වත් මෙම නැවේ ගබඩා කර තිබී ඇත.

එමෙන්ම එම ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 මලු 3400ක් ද සහිත බහලුම් (කන්ටේනර්) 31ක ප්‍රවාහනය කර තිබෙන බව වාර්තා වේ.

එක්ස්ප්‍රස් පර්ල් ගිනිගත් නෞකාවෙන් මුුහුදට එකතු වූ ටොන් ගණනින් වන කුඩා ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී දකුණු වෙරළ ආශ්‍රිත මුහුදට ගසාගෙන යනු ඇති බවට සමුද්‍ර විශේෂඥයෝ පළ කළ අනාවැකි චන්ද්‍රිකා සේයාරූ විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ.

එම ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී දකුණු වෙරළ දිගේ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි රට වටා මුහුදේ පැතිර යා හැකි ආකාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේ සමුද්‍ර අධ්‍යයන ආයතනයේ මහාචාර්ය චරිත පට්ටියආරච්චි සහ ආචාර්ය සරත් විජරත්න යන අය විසින් අංශු ආකෘතියක් නිර්මාණය කොට අනාවැකි පළකර තිබුණි.

ඒ අනුව ඊයේ (2) සෙන්ටිනල් -3 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාව අවට පෘෂ්ඨයේ හරිතප‍්‍රද සාන්ද්‍රණයේ ඡායාරූපය ඔස්සේ එම අනාවැකි නිරවද්‍ය බවට තහවුරු වී තිබේ.

ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් කැට බිලියන 3ක් පමණ මුහුදට මුදාහැර ඇති බව ඔවුහු පවසති.

මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසන්නේ එම චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කර බැලීමේදී ශ්‍රී ලංකාව වටා මුහුදේ හරිතප‍්‍රද බෙදාහැරීම් සේයාරුව පවතින ආකාරය සිය ආකෘති ප‍්‍රතිඵලවල අනාවැකි සමඟ එකඟ වන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්