ගිනිබත් වී මුහුදුබත් වූ නෞකාව අවට තෙල් පැල්ලමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

රසායනික ද්‍රව්‍ය සහිතව සිංගප්පූරු ධජය යටතේ ගමන්ගත් ගින්නෙන් දැවී මුහුදුබත් වූ X-PRESS PEARL බහාලුම් නෞකාව දියබත් වූ ප්‍රදේශය අවට මුහුදේ තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බව වාර්තාවේ .

එක්ස්ප්‍රස් පර්ල් නැව බේරා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ එවැනි  තෙල් පැල්ලමක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් සූදානම් බවය.

මේ පිළිබඳව  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ .සභාපතිනි නීතීඥ  දර්ශනී ලහදපුර මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කලේ මෙවැන්නකි ,

”තෙල් පැල්ලමක් මතුවෙලා තියෙනවා, අපි එය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටිනවා. අපි අදාල ස්ථානවලින් තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. එපමණක් නෙමෙයි අපි දිනකට දෙවරක් අදාල ප්‍රදේශයේ ජායාරුප සහ වීඩියෝ දර්ශණ ලබා ගන්නවා. ඇත්තෙන්ම එය බැබළෙන දෙයක් , නෞකාව ගිලී ඇති ප්‍රදේශයේ ඇති ගැඹුරු අඩු බව නිසා, තෙල් පල්ලම දියකර හැරීම සඳහා යොදන රසායනික විසරණයන් භාවිත නොකරන ලෙස විශේෂඥයන් උපදෙස් දුන්නා “”අනෙක් ක්‍රමය නම් රසායනික විසරණයන් භාවිතා කිරීම නමුත් ප්‍රදේශයේ ගැඹුර මීටර් 25 ට අඩු නිසා, සාමාන්‍යයෙන් ගැඹුර මීටර් 25 ට අඩු නම් රසායනික විසරණයන් භාවිතා කරන්න එපා කියලා අපට උපදෙස් ලැබිලා තියෙනවා. නාවික සැතපුම් 1 සිට 1.5 දක්වා දිග සහ මීටර් 200 ක් පමණ තෙල් සිහින් තට්ටුවක් නිලධාරින් නිරීක්ෂණය කර තිබෙනවා”