නවතම පුවත්

ගිලෙන නැවේ තෙල් කාන්දුවක් දැයි සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්”  නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවෙමින් ඇති බවට  සැක පලව ඇත.

චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් ජාත්‍යන්තර  Sky news පුවත් සේවය වාර්තා අද දින පෙරවරුවේ  වාර්තා කර ඇත්තේ  මෙම නෞකාව  අවට තෙල් පැල්ලම් බවට සැක කළහැකි යමක් දක්නට ඇති බවයි .

Sky News පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීටර් 100කට වැඩි දුර ප්‍රමාණයකට රීදි පැහැති තෙල් තට්ටුව පැතිරී පවතින බවට පෙන්නුම් කරන බවයි .

නෞකාව තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය යම් හෙයකින් කාන්දු වුවහොත් එය නාවික ඉතිහාසයේ බරපතළම පාරිසරික හානිය විය හැකි බවටද විදෙස් මාධ්‍ය අනතුරු අඟවා ඇත

මේ අතර නාරා ආයතනය පවසන්නේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලුණු ස්ථානයට ඊසාන දෙසින් තෙල් කාන්දුවක් දක්නට ඇති බවයි.

එම ආයතනය පැවසුවේ, මෙය මෙම නෞකාවට ඉන්ධන ලෙස යොදා ගත් බර තෙල් ද නැතහොත් ගිනිගැනීමෙන් පසු මතු වූ පැල්ලමක් දැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.

කෙසේ වෙතත් මේ  පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහරලීමෙ හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාරය නාලක ගොඩහේවා මහතා පැවසුවේ  ගිනිගත් X – Press Pearl නෞකාව වටා නැව් 5ක් නතර කර ඇති බවත් , එවැනි තෙල් කාන්දුවක් සිදු නොවන බව එම නැව් 5 න් ම තහවුරු කළ බවත් ය.

එසේම  වරාය අධිකාරියේ හාබර් මාස්ටර් සමග තමා ඊයේ (9) බෝට්ටුවක් ආධාරයෙන් ගිනිගත් නෞකාව ආසන්නයට ගිය බවත් එහිදී මතුපිට තැවරී ඇති ඩීසල් වැනි පොඩි තත්ත්වයක් මිස එවැනි ඉන්ධන කාන්දුවක් සිදු වන බවක් නිරීක්ෂණය නොවූ බනත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය

තෙල් කාන්දුවක් ගැන  මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව වරාය අධිකාරියද  මාධ්‍ය වෙත සඳහන් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද එම අධිකාරිය සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්