ගුරුවරුන්ට අද සිට කොවිඩ් එන්නත !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත අද(12) සිට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් සඳහා එන්නත් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය .

ඊට අමතරව අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත ලබා දෙන බවද  ඔහු මාධ්‍ය වෙත  ප්‍රකාශ කළේ ය.

මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී ද ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීම සිදු කරන බවය.