ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5,000/-ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම ඇතුළුව ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ලබන අයවැයෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම ගැටලුව සොයාබැලමට පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දෝශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීම, ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 20 දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකෘශයට පන් කිරීමට ද තීරණය කර ඇත.
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගුරු – විදුහල්පති වැටුප් විෂම්තාවන් ඉවන් කිරීම් සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022 අයවැය යෞජනාවක් මඟින් අදියරගතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නියමිතය.
2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5,000/-ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීමටත් අනුකාරක සභාවේ සෙසු යොජනා පළාත් සභා හා අනෙකුක් අදාළ බලධාරින් සමභ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මංස 06ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීටත් මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් එකගතාවට පැමිණ තිබේ.
ගුරු, විදුහල්පති හා ගුරු උපදේශක වෘත්තීය සමිති 33 ක නියෝජිතයින් සම්භ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.