ගුරුවරුන්ට කොවිඩ් එන්න්කරණය ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්නගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ඊයේ 12) සිට ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් සඳහා එන්නත් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය .

ඊට අමතරව අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත ලබා දෙන බවද  ඔහු මාධ්‍ය වෙත  ප්‍රකාශ කළේ ය.

මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී ද ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීම සිදු කරන බවය.