පැතුම් වික්‍රමරත්න
දිවයින පුරා පාසැල් ඉදිරිපිට ඊයේ (03) දින මව්පියන් විරෝධතාවයක නිරත විය.
ඒ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කර සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ට බලකරමිනි.
වසර 24ක් තිස්සේ පැවති වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් කොවිඩ් හේතුවෙන් පාසල් වසා දමා සිටි සමයේ සිට ගුරු විදුහල්පතිවරු වර්ජනයක නිරත වෙයි.
මෙමගින් තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවත් ගුරු විදුහල්පතිවරුන්‍ෙ අප්‍රසාදය පළකරමින් මාපියන් මෙහිදී අවධාරණය කර සිටී.