නවතම පුවත්

සිරිල් ගාමිණී පියතුමා ඊයේත් සීඅයිඩීයට ඇවිත් නෑ

Roshan

Roshan

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ(03) පෙනී සිටින්නැයි කළ දැනුම් දීම ද මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර තිබේ. ඊයේ(03) පෙරවරු 9.30ට පෙර රහස් පොලීසියේ පෙනී සිටින ලෙස දන්වා තිබී ඇත.

එහෙත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් නැමැති නීති උපදේශන ආයතනයක් ඔස්සේ සිරිල් ගාමිණි පියතුමා  ඊයේ දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අදාළ නීති උපදේශන ආයතනය මෙම ලිපිය යොමු කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් ඔස්සේ පැවති වැඩසටහනක දී සිරිල් ගාමිණි පියතුමා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට චෝදනා එල්ල වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල යොමු කර තිබිණි.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් සිරිල් ගාමිණි පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන පෙත්සම ලබන 08 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්