ගුරු-වීදුහල්පති වැටුප් ප්‍රශ්නය අවසන්

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පෙරවරුවේ ගුරුසම්ගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ  පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමට එහිදී එකඟ වී ඇත.

එමෙන්ම එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත පැවසීය .

ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සන්ධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් මහතා මෙහිදී  පැවසීය .

ඇමැති අනුකමිටුවේ යෝජනාවට අනුව ගුරුවරුන්ගේ මූලික වැටුප් වැඩිවීම රුපියල් 3750 සිට රුපියල් 11800 දක්වා ඉහළ නගින බව වාර්තා වේ. එමෙන්ම  විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප රුපියල් 6895 සිට 12020 දක්වා වැඩි වීමට නියමිතය.