ගුවන්තොටුපළ ජනවාරියේ විවෘත වන ලකුණු

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කටුනායක  ගුවන්තොටුපොළ, සංචාරකයින් සඳහා ලබන ජනවාරි මස  දෙවන සතියේ සිට  විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත 

ගුවන්තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී  මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර අදාළ සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින

මෙම , සාකච්ඡාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ඩි. වී. චානක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත  සඳහන් කළේ, සංචාරකයින් සඳහා දෛනිකව කළ හැකි පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශ මත  මේ පිලිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි