ගුවන් අභ්‍යාසයකට ලංකාවේ අහස ඉල්ලා නැහැ – ඉන්දියාව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හමුදා අභ්‍යාසයක් සදහා ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය යොදා ගැනීමට ඉන්දියාව කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්  අසත්‍ය බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

අදාල සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් එම සියලු වාර්තා පදනම් විරහිත බවත්  නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර ඇත .

තෙවන රටක් සමග කිසිදු ඒකාබද්ධ අභ්‍යාසයකට ශ්‍රී ලංකා ගුවන් අවකාශය යොදා ගැනීම සදහා ඉන්දියාව විසින් මෑත කාලයේදී ඉල්ලීමක් කර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ .