ඉෂාර රත්නකාර
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මගී ගමන් මලු හා භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ඒල්ල වූ ප්‍රහාරයත් සමගින් ඉදිරියේදී ඒවැනි ප්‍රහාර ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අදාළ වැඩපිළිවෙළ සම්බන්දයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවී තිබේ.