නවතම පුවත්

ගුවන් මගීන්ට විශේෂ සහන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු “පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත” මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා මෙරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දිනට දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් සැපයෙන බව ඔහු පැවසීය.

ගුවන්තොටුපොළේදී ඇති වන අපහසුතා මග හරවා ගනිමින් මගීන්ට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි හර්ෂ ඉලුක්පිටිය මහතා පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්