නවතම පුවත්

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුරට විදෙස්ගත වන අයට දැනුම්දීමක්

අසංක

අසංක

ප්‍රථමවරට ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පියවර ගෙන තිබේ.

එම කාර්යාංශය සඳහන් කළේ, දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව දින 25ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, දින 3ක් ජාතික වෘත්තිය සුදුසුකම ඇගයීමේ කටයුතු සඳහා වෙන්කර ඇති බව සඳහන්ය.

මෙයට අමතරව 2023 වසරේ අප්‍රේල් 01 වනදා සිට ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදේශ ගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තිය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව NVQ 3 සහතිකය සහිතව විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් විය යුතු වේ.

මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ නොවන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
 
ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශ ගතකිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් එම තීරණය ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්