නවතම පුවත්

ගෘහ සේවකයන්ටත් අර්ථසාධක දීමට නීති හැදෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මෙරට නිවෙස්හි ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද EPF /ETF ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී .

තමන්ගේ ජීවිත කාලයම සමහර විට අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා කැප කරන මෙම ගෘහ සේවක සේවාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ ආරම්භ වුවත්, එම කම්කරු ප්‍රජාවගේ සුභසාධනය හා සුරක්ෂාව වෙනුවෙන් මෙතෙක් නිශ්චිත කම්කරු නීති ආවරණයක් නොතිබීම කනගාටුවට කරුණකි. එම නිසා ඉතාම කඩිනමින් මෙම ගෘහස්ථ කම්කරුවන්ට ද කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ නීති සම්පාදනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමඟ කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාගවන්,Protect Union ආයතනයේ ලේකම් කල්ප මධුරංග ,ගෘහස්ථ කම්කරු සංගමයේ සභාපති එස්.සත්‍යවානි,කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවත් වුණි.

මෙහි දී එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ වසර 100කට වඩා පැරණි වෘත්තිය ඉතිහාසයක් ඇති මෙම ගෘහස්ථ කම්කරුවන්ට මේ වනතුරු මෙරට සෙසු කම්කරුවන් භුක්ති විඳිනු ලබන කිසිදු කම්කරු අයිතිවාසිකමක් හෝ රැකවරණයක් ලැබි නොමැති බවය.අවම වශයෙන් ඔවුන් මෙරට කම්කරුවන් වශයෙන් හෝ කිසිදු පිළිගැනීමක් කර නොමැති බවත්,මේ වන විට රට පුරා 85,000 ආසන්න පිරිසක් ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවය කරන බවත්,ඔවුන් වෙනුවෙන් පළමු වරට මෙවැනි පනතක් ගෙන ඒමට ක්‍රියාකිරීම පිළිබඳව වත්මන් රජයටත් කම්කරු අමාත්‍යවරයාටත් සිය කෘතඥතාව පළ කරන බව එම සංගම් නියෝජිතයෝ පැවසූහ.

කම්කරු අමාත්‍යංශය ගෙන එන මෙම නව නීති සම්පාදනය තුළින් කම්කරු දෙපාර්තමේන්තුව ගෘහ සේවකයන් කම්කරු ප්‍රජාවක් ලෙස පිළිගැනීමක් සිදුවන නිසා,එය මෙරට ගෘහස්ථ කම්කරුවන්ට විශාල රැකවරණයක් ලබාදෙන බව එම සංගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ එම ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සිදු කිරීමට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල,සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් යන පනත් ද ජාතික අවම වේතන පනත ද අයවැය සහන දීමනා පනත ද සංශෝධනය කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම කටයුතුවලට අතිරේකව මෙම ගෘහ සේවක සේවිකාවන් අලෙවිකරණ බ්‍රෝකර්වරුන් සහ එජන්සිකරුවන් ද තහනම් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම මෙම නීති කෙටුම්පත් ගෙන ඒමේ දී සේවකයාගේ පාර්ශ්වයෙන් මෙන්ම සේවය ලබාගන්නා හාම්පුතාගේ පාර්ශ්වයෙන් ද කරුණු සලකා බලා ඔවුන්ට ද අසාධාරණයක් නොවන පරිදි මෙම නීති කෙටුම්පත් ගෙන එන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් ඇති කිරීමත් සමගම ඔවුන්ට මෙරට ඇති කම්කරු නීති රෙගුලාසිවල පවත්නා රැකවරණය ලැබෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

පැතුම් වික්‍රමරත්න

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති  නව මාරාන්තික  වෛරස් රෝගයක් මේවනවිට  අප්‍රිකානු ගිනියා රාජ්‍යය ආශ්‍රිතව පැතිරෙමින් ඇති බව  වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටි.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

එම වෛරසයේ  පැතිරීම වැළැක්වීම සඳහා වහා  පියවර ගත යුතු බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කාර්යාලය  ප්‍රකාශ කර ඇත .

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගැලීම සිදුවන බවටද  හඳුනාගෙන ඇත .

මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවද ලෝක සෞඛ්‍ය   සංවිධානය සඳහන් කර ඇත ..

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකට පසුව වීමද විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්