පානදුර පිංවත්ත වෙරළට තීරයේ සිටි බාලවයස්කාර යුවලකට පිහියක් පෙන්වා පෙම්වතා බලා සිටියදී පෙම්වතියව (30) මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් විසින් දූෂණය කර පළාගිය සැකකරුවකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නිවෙස්වලට හොර රහසේ මෙම පාසල් දරුවන් යුවළ වෙරළට ගොස් ඇත.
සැකකරු පානදුර පිංවත්තේ පදිංචිකරුවෙක් වන 37 වියැති අයෙකි.
එම සැකකරු පොලිස් නිලධාරීන්ටද පිහියක් පෙන්වා බිය ගන්වමින් පළායාමටද උත්සහ දරා ඇත.
2018 වසරේදීද මෙම පුද්ගලයා තරුණ යුවලක් මේ අකාරයටම වෙරළ තීරයේ සිටියදී ඔවුන්ටද පිහියක් පෙන්වා පෙම්වතියව දූෂණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ මව පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පවා ගොස් ඇගේ පුතා බේරා ගැනීමට විශාල වෙහෙසක් ගෙන තිබුණි.