නවතම පුවත්

ලංකාවේ මතට තිත තියන්න අපේක්ෂකයෝ 150ක් එකඟ වෙති

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී මද්‍යසාර සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට , මෙවර මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 150 දෙනෙකු පමණ මේ වනවිට එකඟතාවය පළ කර ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

මද්‍යසාර සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා වන යෝජනාවලියකට මැතිවරණ අපේක්ෂකයින්ගේ අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් මේ වන විට තම මධ්‍යස්ථානය ආරම්භ කර ඇති බවත් ඒ අනුව ප්‍රධාන පක්ෂ 14 කට අයත් අපේක්ෂකයින් 146 දෙනෙකු මේ වනවිට මෙසේ එම යෝජනාවලියට එකඟතාව පළකර ඇති බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය .

තනි සිගරට් අලෙවිය තහනම් කිරීම , සම්මත ඇසුරුම්කරණය නීතිගත කිරීම දුම්කොළ සමාගම් රජයට ගෙවිය යුතු බදු අයකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම ආදී යෝජනා සඳහා මෙසේ මෙම අපේක්ෂකයින් එකඟතාව පළකර ඇති බවද සුමනසේකර මහතා පැවසීය .

එසේම ගංජා නීතිගත කිරීමට ඉඩ නොදීම , අධ්‍යාපන ආයතනයක සිට මීටර 100ක් ඇතුලත දුම්වැටි අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම තහනම් කිරීම ආදී කරුණුද මෙම යෝජනාවලියට ඇතුලත් බව සුමනසේකර මහතා සඳහන් කළේය .

මෙම යෝජනාවලියට එකඟතාවය පලකල අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් , ඉදිරියේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලුදෙනා සමග ඉදිරියට මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා මෙහිදී පැවසීය .

ඒ අනුව මෙම යෝජනාවලියට එකඟතාව පලකල අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට යැවීම මහජනතාවගේ වගකීමක් වන බවද ඒ මහතා පැවසීය .

මෙම යෝජනාවලිය අත්සන් තැබූ අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහත අන්තර්ජාල දිගුව හරහා ලබාගත හැක.

http://adicsrilanka.org

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්