නවතම පුවත්

ගෙවන්න බැරි අයට ණය නොදෙන්න වැඩකරන්න ක්‍රිබ් වෙත නියෝග

අසංක

අසංක

ණය පියවීමට නොහැකි හෝ බංකලොත් භාවයට පත්, ආයතන සහ පුද්ගලයින්ට, බැංකු මගින් ණය අනුමත කිරීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු බවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය (CRIB) වෙත උපදෙස් දී තිබේ.

ඒ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසිනි.

මහජන මුදල් එලෙස නාස්ති කිරීමට ඉඩ ලබාදීම කිසිසේත් සිදුකළ නොහැක්කක් බව සභාපතිවරයා පෙන්වා දුනි.

ආයතන සහ පුද්ගලයින්ට ණය අනුමත කිරීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව, ශ්‍රේණිගතකිරීම් අතුලත් වාර්තාවක් (Rating Report) ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට එම කාරක සභාව නිර්දේශ ලබා දුන්නේය.

ඒ සඳහා පනත සංශෝධනය කරමින් හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත් ව්‍යවස්ථාදායක ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහය ලබාදීමට බැඳී සිටින බවත් සභාපතිවරයා අවධාරණ‍ය කළේය.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් පිරිසක් පසුගියදා(29) පාර්ලිමේන්තුවේ දී මෙම කාරක සභාව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී ඇත.

මෙදින කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණි.

මෙහිදී තම ආයතනයේ කාර්ය භාර්ය පැහැදිලි කළ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) නිලධාරීහු, තම ආයතනය විසින් පුද්ගලයින්ගේ හා ආයතනවල මූල්‍ය කටයුතු සිදුවී ඇති ආකාරය ගැන තොරතුරු පමණක් නිකුත් කිරීමට කටයුතු කරන බව පැවසීය .

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මගින් මේ වනවිට මෙරට බැංකු හා මුල්‍ය පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට දක්වන සේවය සභාපතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීහු මහජනතාව තුළ ඔවුන්ගේ ආයතනය පිළිබඳව (CRIB) නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වා දුන්හ.

ඒ සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ඉදිරියේදී CRIB යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ අතර රාජ්‍ය සේවකයින් උදෙසා පමණක් ණය ලබාදෙන ආයතනයක් ලෙස ලෝහෝර් ආර්යා ණය අරමුදල, සිය ණය අරමුදල වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ඒ අනුව 2024 වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එම ඉලක්කවලට ළඟාවීමට ඔවුන්ගේ ආයතන පනත වහාම සංශෝධනය කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කරන ලෙසත් කාරක සභා සභාපතිවරයා තවදුරටත් උපදෙස් ලබා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්