ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අද 27 අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 533 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. ඊට අමතරව අත්අඩංගුවට ගත් වාහන ගණන 98 කි.
පසුගිය 20 වෙනිදා ඇදිරි නීතිය පැනවූ මොහොතේ සිට මේ දක්වා පුද්ගලයින් 4018 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් වාහන 1033 ක් පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය.
මේ අය අතර වැඩි දෙනෙක් සිටින්නේ නිකරුණේ මහ මගසැරි සැරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බව පොලීසිය සදහන් කරයි.