නවතම පුවත්

ගෙවුණු මාස 5ට ළමා අපරාධ 1300ක්

අසංක

අසංක

මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ ළමුන්ට එරෙහි අපරාධ 1369ක් පොලීසියට වාර්තා වී ඇත.

ඒ බරපතල ගණයේ අපරාධ 748ක් සහ සුළු අපරාධ 621ක් වශයෙනි.

බරපතල අපරාධ අතර ළමා ඝාතන 08ක්, අපහරණය කිරීම් 159, ළමුන් කෘරත්වයට පත්කිරීම් 23ක්, බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම් 158ක් වාර්තා වී තිබේ.

මේ හැරුණු කොට 16 ට අඩු ළමුන් ප්‍රේම සම්බන්ධතා මුල්කරගෙන සිය කැමැත්තෙන් ස්ත්‍රී දූෂණයට ලක්වීම් 286ක්, 16ට අඩු ළමුන් බලහත්කාරයෙන් ස්ත්‍රී දූෂණය කිරීම් 73ක් සහ අවුරුදු 16ත් 18ත් අතර ළමුන් ස්ත්‍රී දූෂණයට ලක්වීම් 09ක් මේ කාලය තුළ පොලීසියට වාර්තා වී ඇත.

2022 වසරේ ළමා ඝාතන වාර්තා වී ඇත්තේ 12ක් පමණි. 2021 වසරේ එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 25ක් ලෙසිණි. ගෙවී ගිය පස් වසර තුළවැඩියෙන්ම ළමා ඝාතන වාර්තා වී ඇත්තේ ද 2021 වසරේදීය.

ඒ හැරුණු කොට ගෙවී ගිය පස් වසර තුළ ළමුන් සම්බන්ධයෙන් වූ බරපතල අපරාධ වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ 2018 වසරේදීය. එම සංඛ්‍යාව 3199කි. එම වසරේදී ළමුන් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම්ද ඉහළ අගයක් ගෙන තිබේ. එම ගණන 670කි.

ගෙවී ගිය පස් වසර තුළ 16ට අඩු ප්‍රේම සම්බන්ධතා මත සිදුවූ ස්ත්‍රීදූෂණ වැඩියෙන්ම සිදුව ඇත්තේ ද 2021වසරේදීය. එම ගණණ 1304කි.

ළමුන්ට එරෙහිව පසුගිය පස් වසර තුළ සිදුවූ බරපතල අපරාධවල හැසිරීම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්