මේ රටේ 30% ක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටියත් ඉන් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය 10% බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.ගොවි නිෂ්පාදන වලින් 40% ප්‍රවාහනයේ දී හා වන සතුන් ගෙන් සිදුවන හානි වලින් අහිමි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,Hatch ආයතනය හා සර්වෝදය එක්ව මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික කෘෂිකර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ගොවිලැබ් වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
එය පසුගිය දා (18) කොළඹ Hatch ආයතනයේ දී පැවැත්වුණි.
මෙම වැඩසටහන ඔස්සේ මෙරට කුඩා වතු හිමියන් හා කුඩා පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමට හා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඇති අභියෝගයන්ට නව විසදුම් සහිත නව තාක්ෂණයන් හඳුන්වාදීමට පියවර ගන්නා බව Hatch ප්‍රධාන වැඩසටහන් නිලධාරී මෙවන් පීරිස් මහතා පැවසීය.
මේ සඳහා ආධාර සම්පාදනය කරන Bill and Melinda Gates පදනමේ නියෝජිත චන්දික සමරනායක මහතා ප්‍රකාශ කළේ,ගොවි නිෂ්පාදනවල අගය වැඩි කිරීම තුළින් ඔවුන්ගේ ආදායම් උත්පාදනය ඉහළ දැමීමද, ආහාර සුලභ කිරීම තුළින් මන්ද පෝෂණය අඩු කිරීමටද මෙම ව්‍යාපෘතිය ඔස්සේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
සර්වෝදය නායක වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා කියා සිටියේ,සර්වෝදය සංවිධානය වසර හැට පහක අත්දැකීම් සමග මෙම ව්‍යාපෘතිය ගොවි ජනතාව අතරට ගෙන යන බවය.