ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රතිපත්ති ප්රකාශනය සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භවී ඇති අතර එය ලබන ඔක්තෝම්බර් මස මැද භාගයේදී එලි දැක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.
මේ සඳහා පොදුජන පෙරමුණට සම්භන්ධ සියලු පක්ෂ හා සංවිධාන වල අදහස් විමසීමටද මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇත.
මෙම ප්රතිපත්ති ප්රකාශනය සැකසීමේ කටයුත්තේ ප්රධානත්වය අචාර්ය ජගත් වැල්ලවත්ත මහතාට පැවරී ඇති අතර ඔහුගේ මූලිකත්වයෙන් කමිටු 29ක් පත්කොට ප්රතිපත්ති ප්රකාශනයට ඇතුලත්විය යුතු කරුණු පිලිබඳ එම කමිටු සමග සාකච්ජා ආරම්භවී ඇති බවද වාර්තාවේ,