නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ගැන වාර්තා 97ක් පොලිස්පති හා ආරක්ෂක ලේකම්ට දීලා

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට පෙර, ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97ක් රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2016 වසරේ සිට  පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින දක්වා කාලසීමාව තුළ මෙලෙස රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා ඉදිරිපත් කර ඇති බව ඔහු එහිදී ප්‍රකාශ ක්‍ර් ඇත.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එය අද යළි සලකා බැලීම ආරම්භ කෙරුණි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන  විනිසුරුවරුන් අදාළ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝය.

පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් ඉහත කරුණ ඉදිරිපත් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්