හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය මීට සුළු වේලාවකට පෙර අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කිරීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.