නවතම පුවත්

ගෝඨාගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
 
ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම්දීම කරනු ලැබුවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවන මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන පනතේ විධි විධාන අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ අධිකරණ බලය පිළිබඳව මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
 
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ එවැනි විරෝධතාවන් ඉදිරිපත් කරන්නේ නම් මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවය.
 
ඒ අනුව පෙත්සම ජූලි 18 වැනිදා සලකා බැලීමට දින නියම විණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්