පැතුම් වික්‍රමරත්න
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පක්ෂය , ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් හා මඩ ප්‍රචාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කර සිටී
ලබන නොවැම්බර් මස 01 දින සිට 14 දක්වා කාලය තුල මෙම කුමන්ත්‍රණය හා මඩ ව්‍යාපාරය දියත් කිරීමටද ඔවුන් සැලසුම් කර ඇති බවද අලුත්ගමගේ මහතා අද පෙරවරුවේ රාජගිරියේ පවතී මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
තමා බලයට පත් වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබානොදෙන බවට වන සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇති බවත් අලුත්ගමගේ මහතා මෙහිදේ අනාවරණය කළේය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ව්‍යාජ වීඩියෝ පට හා ජයාරූප සකස් කර බෙදාහැරීමටද සැලසුමක් ඇති බව මහින්දානන්ද මහතා මෙහිදී අනාවරණය කළේය .
එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග එක්වී ශ්‍රීලනිපයේ ජන්ද කදීමටද උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්භන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කිරීමටද එජාපය සැලසුම් කරන බව මහින්දානන්ද මහතා පැවසීය.