නවතම පුවත්

අයවැයේ කියූ මෝටර් වාහන බද්ද පුංචි කාර්වලට නෑ – මුදල් අමාත්‍යාංශය

අසංක

අසංක

දම්පත් රණසිංහ

පසුගිය අයවැය යෝජනාවේ ප්‍රකාශ කළ පරිදි මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ නැති බව එම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව ඔවුහු පෙන්වාදෙති.

එම නිවේදනය මෙසේය.

“මෙයට පෙර ද්විත්ව කැබ් රථද සුඛෝපභෝගී බද්දට යටත් කර තිබූ නමුදු නොවැම්බර් මස 01 දින සිට එය ඉවත් කරනු ලැබේ.

මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන අතර මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වනු ඇත. 

මෙම නව රෙගුලාසි අනුව රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරනු ලැබේ.

දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value)  රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බදු අයකරනු ලැබේ.

මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත ය.

ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරනු ඇත. 

එහෙත් ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.

තව ද, කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අයනොකරන බව අවධාරණය කෙරේ.

ඒ අනුව Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවේ. 

තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද  මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්