නවතම පුවත්

ගෝඨාට එරෙහි නඩුවේ තහනම් නියෝගය දිගුවෙයි

අසංක

අසංක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද කළ නියෝගයකට අනුවයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම දෙසැම්බර් මස 10 වන දා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුව ලබන 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ද නියමිත ය.

තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකළ නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණය ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් පවසා තිබේ.

එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේ තීරණය වැරදි සහගත බව සඳහන් කොට තමන් විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එයද ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් පෙන්වා දෙයි.

එබැවින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සහ අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව හම්බන්තොට, මැදමුලන, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්