ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් නිවේදනය කළේය. ඒ ඊයේ(14) සිට ක්රියාත්මක වන පරිදි ය.
මේ පිළිබඳ ඉදිරි කටයුතු වෙනුවෙන් හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බව හෙතෙම කීය.
නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ කටයුතු දින 07ක් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා පවසයි.
නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්රාමාත්යවරයා විසින් සිදුකරනු ලබන බව කතානායකවරයා ප්රකාශ කර සිටියේය.